Tuesday, February 10, 2015

ෆේස්බුක් අසහනය 1






අසහනය, අසහනකාරයෝ අද රටේ ලොකේ නැති තැනක් නැති තරම්. එයා තමන්ගේ පාසලේ හොඳම මිතුරා වෙන්න පුළුවන්, තමන්ගේ කාමර යාලුවා වෙන්න (Room mate) පුළුවන් නැත්නම් සමහරවිට ඔහු තමන්ගේ නිවසේ සාමාජිකයෙක් වෙන්නත් පුළුවන්. බස් එකේ යනකොට ජැක් ගහලා තමන්ගේ ලිංගික අසහනය සම-හරක් උදවිය සංසිඳවා ගන්නවා ඒත් තවත් එක් කොටසක් ඉන්නවා ෆේස්බුක් එකේ එක එක ලිංගික විකාර කරලා තමන්ගේ අසහනය සංසිඳවා ගන්නා අය. අද අපි කතාකරන්න යන්නේ අන්න ඒ අය ගැන.

අද ලංකාවේ බහුතරයක් දෙනා තමන්ගේ යහලුවන්, පාසල් මිතුරන් ආදි නොයෙක් අය සමඟ සබඳතා වඩාත් පහසුවෙන් පවත්වාගෙන යන්න ෆේස්බුක් භාවිත කරනවා. ඒත් තවත් උදවිය මේක භාවිත කරන්නේ තමන්ගේ ලිංගික අසහනකාරීතත්ව සංසිඳවාගන්න. ෆේස්බුක් එකේ නිතර කරක්ගහන මට හමුවුණු එක් පේජයක් පහත දැක්වේ.


එදා මෙන්ම අදත් දෙමව්පියන්ට පමණක් දෙවෙනිවන දේවත්වයන් සලකන ගුරුවරුන්ට අද සමාජයේ  ෆේස්බුක් ලිංගික අසහනකාරයෙක් ආමන්ත්‍රණය කරන අයුරු හිතවත් පාඨක ඔබට ඉහත ඡායාරූප දෙකෙන් දැකගන්න පුුළුවන් ඇති කියලා මම හිතනවා. ඇත්තටම ඇයි මේ අය මේ වගේ දේවල් කරන්නේ? මට තියෙන ඉතා තදබලම ගැටළුව තමයි ඒක. ඊට පිළිතුර සමහර විට ලංකාවේ අපේ අධ්‍යාපන ක්‍රමයේ දෝෂ වෙන්නත් පුළුවන් නැත්නම් අනෙක් රටවල නැති අපේම සංස්කෘතියත් වෙන්න පුළුවන් නැත්නම් ලංකාවේ Sunny Leoneලයි අසභ්‍ය වෙබ් අඩවි අඩු වීමත් වෙන්න පුළුවන්.

පසු සටහන: ලිංගික ආශාවන් අපි කාටත් තියෙනවා.  ඒත් මේ වගේ අසහනකාරයින්ට සමාජජාල වෙබ් අඩවිවල මෙන්ම සමාජයේද හිස එසවීමට ඉඩ දීම වැළැක්විය යුතු වෙනවා.

Wednesday, January 14, 2015

උසස් පෙළ තාක්ෂණ විෂය ධාරාව (නිතර අසන ප්‍රශ්න - FAQ)





මෙම ලිපිය ලිවීමේ අරමුණ වූයේ මෙම විෂය ධාරාව පිළිබඳව දැනට දන්නා අය ඉතාමත් අතලොස්සක් සිටීමත් ඒ දන්නා අය නොදන්නා දේවල් වලටද පිළිතුරු දීමටත්ය. එමෙන්ම මේ දින 2014 සාමාන්‍ය පෙළ විභාගය නිම කළ සිටින සහෝදර සහෝදරයිනුත් තමන් මේ විෂය තෝරාගන්නවානම් එයටද මෙම ලිපියේ අඩංගු කරුණු අත්වැලක් වේ යැයි මම සිතමි.

ඔබ දන්නා මෙහි සඳහන් නොවුණු කරුණු ඇත්නම් Comment එකක් මාර්ගයෙන් ඒ බව පළ කරන ලෙසද මම ඉල්ලා සිටිමි.ඒවාද යතා කාලයේදී මෙම ලිපිය තුළ යාවත්කාලීන කිරීමට බලාපොරොත්තුවෙමි.



1. මොකක්ද මේ තාක්ෂණ විෂය ධාරාව කියන්නේ?

තාක්ෂණ විෂය ධාරාව යනු 2013 වර්ෂයේ ප්‍රථම වරට අධ්‍යාපන අමාත්‍යංශය විසින් උසස් පෙළ විෂයන් පෙළ අතරට හඳුන්වා දුන් විෂය මාලාවකි. මෙය මීට පෙර තිබූ විෂය ධාරාවන් වලට වඩා තරමක් වෙනස් මුහුණුවරක් ගනී.

2.ඇයි මේ විෂය අනෙක් විෂයන්ගෙන් වෙනස් වෙන්නේ?

මෙය පැමිණිමට පෙර සහ දැනටත් පවතින කලා, විද්‍යා, ගණිත, වාණිජ යන විෂයන් වල අන්තර්ගත වුණේ පොතපතේ දැනුම එසේත් නැත්නම් සිද්ධාන්ත පාදක කරගත් දැනුම පමණි. එහෙත් මෙම විෂය ධාරාව වර්ථමාන මෙන්ම අනාගත වැඩ ලෝකයට ප්‍රවිෂ්ඨ වීමට සිහින දකින අයට සෑදූ සිද්ධාන්ත මෙන්ම ප්‍රායෝගික අභ්‍යාසද රැගත් විෂය ධාරාවකි.

3. මේ විෂය හදාරන්නේ "වෙන්ට" බාස්ලද?

මෙම විෂය ආරම්භ කළ මුල් කාලයේ කටකතාවක් විවිධ ටියුෂන් කඩකාරයන් සහ විවිධ උදවිය විසින් පැතිරුවා මෙම විෂය කිරීමෙන් ඔබට වෙන්නේ බාස් කෙනෙක් වීමට කියා. එහෙත් බාස් කෙනෙක් වීමට නම් පාසල් යාමට අවශ්‍යමද යන්නත් මම ඔවුන්ගෙන් අසන්නට කැමතියි.

මෙම ප්‍රශ්නයට පිළිතුර නම් ඇත්තෙන්ම නැත යන්නයි. මන්ද මේ විෂය හැදෑරිමෙන් අනාගත රැකියා විශාල ප්‍රමාණයකට දේශිය සහ විදේශිය වශයෙන් දොරටු දැනටත් විවෘත වෙමින් පවතිනවා. මෙම විෂය හැදෑරීමනේ විශ්ව විද්‍යාලයට පිවිසෙන ඔබට දැනට පවසා ඇති ආකාරයට B.Tech (Bachelor of Technology) උපාධිය ලබාගැනීමට හැකිය. එම නිසා මෙය වෙන්ට බාස්ලාට වෙන්වූ විෂයක් නොවේ.


4.මෙම විෂය ධාරාවේ අන්තර්ගත විෂයන් මොනවාද?

  • ඉංජිනේරු තාක්ෂණය / ජෛව පද්ධති තාක්ෂණය - මෙම විෂයන් දෙකෙන් එකක් ඔබට අවශ්‍ය පරිදි තෝරාගත හැකිය.
  • තාක්ෂණය සඳහා විද්‍යාව -  මෙය අනිවාර්යයෙන් කළ යුතු විෂයක් වන අතර මෙහි තාක්ෂණය ආශ්‍රිත විද්‍යාත්මක කොටස් පිළිබඳව හැදෑරිය හැකිය.
  • අමතර විෂය - තොරතුරු තාක්ෂණය, ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව, ගිණුම්කරණය ඇතුළු විෂයන් දහයක් අතරින් එක් විෂයක් ඔබ තුනවන විෂය ලෙස තෝරාගත යුතුය.

5. මෙම විෂය හැදෑරීමට පහසුකම් අඩුද?

ඇත්තටම නැත. 2013 මෙම විෂය පටන්ගන්නා විට අපට තිබූ පහසුකම්වලට වඩා මේ වනවිට පහසුකම් රාශියක් පාසල් සතුව ඇත. දැනට අඩුපාඩුවක්ව ඇති ගුරු හිඟකමද 2015 අවසානයේ එයද විසදෙන බව මට ඒකාන්තයෙන් තහවුරු කළ හැකිය.

6.මේවායේ විෂය නිර්දේශ ලබාගන්නේ කෙසේද?

මෙම විෂයන්වල විෂය නිර්දේශ ජාතික අධ්‍යාපන ආයතනයේ නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.


7.මේ සඳහා අමතර පංති තිබේද?

තිබේ.


Tuesday, January 13, 2015

මේක ශිෂ්‍යයත්වයක්ද ඩිස්කවුන්ට් එකක්ද?



මේ ලිපිය මගේ ලිපි ලියන රටාවෙන් ටිකක් වෙනස් පැතත්කට ගිය ලිපියක්. මේ ලිපිය ලියන්න ප්‍රධානම අරමුණ වුණේ මේ වැඩසටහන පිළිබඳව අන්තර්ජාලයේ එක ලිපියක්වත් නොමැති වුණ එක. කෙසේවෙතත් මේ ආයතනය පිළිබඳව ඕනෑවටත් වඩා දේවල් අන්තර්ජාලයේ තියෙනවා. ඒ ආයතනය පිළිබඳව තොරතුරු අන්අයට පැවසූ සියලු දෙනාට මාගේ තුති. මේ ලිපියේ ඒ ආයතනයේ නමවත් මා සඳහන් කරන්නේ නෑ. ඒත් මේක අන් අයෙකුට සිදුවූ සත්‍ය සිදුවීමක්.

Monday, February 24, 2014

ෆේස්බුක් සහ ලංකාව

        ෆේස්බුක් යනු අප කවුරුත් හොදින් දන්නා ඉතා ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවියකි. එහෙත් මෑතකදී අපේ රටේ සිදුවූ සියදිවි නසාගැනීම් කිහිපයක් නිසා මේවන විට ෆේස්බුක් සම්පූර්ණයෙන්ම හෝ තාවකාලිකව තහනමකට ලක්කිරීමට සූදානම් වී ඇතැයි කතිකාවතක් ගොඩනැගී ඇත.

       එහෙත් ඇත්තටම මේ සිදූ වී ඇති "ෆේස්බුක් නිසා" යැයි වාර්ථා වන සියදිවි නසාගැනීම් වලට වරදකරු ෆේස්බුක් වෙබ් අඩවියමද? මගේ පිළිතුර නම් නැත යන්න පමණි. මීට හේතුව මම පෙර දින වල සිදුවූ සිදුවීම් එකින් එක ගෙන විස්තර කරන්නම්.

      "ෆේස්බුක් නිසා" මේ දිනවල ඇතිවූ පළමු සියදිවි නසා ගැනීම සිදුවූයේ එහි පළවූ ඡායාරූප නිසාවෙනි. පුවත්පත්වල පළවූ ආකාරයට මෙම ඡායාරූපද තමා විසින් Upload නොකරන ලද බවත් ඒවා Tag කරන ලද ඒවා බවත් සදහන් වේ. එමෙන්ම මෙම සිද්ධියට සම්බන්ධ විදුහල්පතිවරයාද ෆේස්බුක් හි මෙම ක්‍රියාකාරකම් (Upload සහ Tag) පිළිබදව නොදන්නා අයෙක් බවත් සදහන් විනි. අප කවුරුත් දන්නා ආකාරයට ප්‍රශ්නයක් විසදිය යුත්තේ එම ප්‍රශ්නය පිළිබදව හොදින් තමන් තේරුම් ගැනීමෙනි. මෙම ෆේස්බුක් ප්‍රශ්නයද එසේ විසදීමට යම්තාක් දුරට හෝ තේරුම් ගෙන විසදුවානම් අදවන විට අපට තවත් ජීවිතයක් බේරා‍ගැනීමට ඉඩ තිබුණා නේද? එමෙන්ම මෙම සිද්ධියට අදාළ දැරිය යම්කිසි මානසික පීඩනයකින් පෙළුණු අයෙක් යන්නද පුවත් පතක පළවිය. එ‍වන් තත්වයක් මධ්‍යයේ ඉතාමත් පහත් අයුරින් බැන වැදීමද ඉතාමත් පහත්ක්‍රියාවක්ය. මේ අනුව පැහැදිලි වන්නේ "ෆේස්බුක් නිසා" යැයි සිදුවූ පළමු සියදිවිනසා ගැනීම මෙම ප්‍රශ්නය මනාව දැනුම් තේරුම් නොගැනීම නිසා සිදුවූවක් යැයි පැවසිය හැකිය.

         "ෆේස්බුක් නිසා" මේ දිනවල ඇතිවූ දෙවැනි සියදිවිනසා ගැනීමටද හේතුව ඡායාරූපයකි. ඇත්තටම මේ පිළිබදව පුවත්පතක පළවූ ලිපියක් කියවීමෙන් මට කියවුනේ "පව්" කියන වචනය පමණි. තම ඡායාරූපය වෙනුවට වෙනත් ඡායාරූපයක් තම ෆේස්බුක් ගිණුම සදහා යොදාගැනීමට කාටත් අයිතියක් ඇත. එහෙත් ෆේස්බුක් භාවිතකරන ඔබ, මම, අපි කවුරුත් එහිදී ඇසුරු කරන අය ගැන සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන සැළකිලිමත් වියයුතුය. අද ලංකාවේ ෆේස්බුක් භාවිත කරන අය වැඩි පිරිසක් ෆේක් අකවුන්ට් යනු මොනවාද? එවන් දේවල් ‍තිබේදවත් යන්න නොදනී. එම නිසා තමන් ෆේස්බුක් හරහා සබදතා පවත්වන සෑම අයෙක්ම ඇත්තම පුද්ගලයින් යැයි සිතයි. මෙම දෙවැනි සියදිවි නසාගැනීමට හේතුව ඇත්තටම ෆේස්බුක් නොව නොදැනුවත්කමයි.

       දැන් ඔබට හැගෙනවා ඇති මේ සිදුවූ සිදුවීම් වලට ඇත්තටම වරදකරු ෆේස්බුක් නොවනබව. එහෙත් අද ලංකාවේ මෙවැනි සිදුවීම් මවමින් , අනාගතයේදී තවත් මෙවැනි සිද්ධි මැවීමට බලාපොරොත්තුවෙමින් යම් කිසි පිරිසක් ෆේස්බුක් ලංකාවේ තහනම් කිරීමට උත්සාහයක නිරත වන බව ෆේස්බුක් පිටුවක පළවූ ලිපියකින් කියවුණි. ඇතැම් විට එසේද විය හැක. මන්ද එකම කාල පරාසයක ෆේස්බුක් හේතුවෙන් සියදිවිනසා ගැනීම් තුනක් සිදුවිය හැකිද?

    මගේ සහ අන්තර්ජාලය මහත්මයන් සේ භාවිත කරන බොහෝ අයගේ මතය වන්නේ ෆේස්බුක් තහනම් කිරීමෙන් ඵලක් නැත යන්නයි. මන්ද තවත් සමාජජාල වෙබ් අඩවි රාශියක් මේ සයිබර් අවකාශයේ ඇති නිසාවෙනි. කළයුත්තේ ෆේස්බුක් ඇතුළු සියලුම සමාජජාල වෙබ් අඩවි හරවත් දෙයකට පමණක් භාවිත කිරීමට ‍අපේ රටේ මිනිසුන්ට පුරුදු කිරීම නොවේද?

Saturday, November 16, 2013

Facebook Messenger [APP REVIEW]


          ස්මාර්ට් දුරකථන පාවිච්චිකරන ෆේස්බුක් පරිශීලකයින් සියල්ලම පාහේ දන්නා ඇප් එකක් ලෙස Facebook Messenger හැදින්විය හැකිය. මෙය Facebook විසින් Chat කිරීම සහා විශේෂයෙන් නිපදවා ඇති ඇප් එකකි. 

මෙහි පැරණි අනුවාද වලට වඩා මෙහි නවතම අනුවාදය මගේ මතය අනුව වෙනස්ම ආකාරයක් ගනී. වෙනස් කිහිපයක් පහත දැක්වේ.

·       පරණ අනුවාදයට වඩා ආරම්භවීමේ වේගය වැඩි වීම.
·       සියල්ල සරළව දැක ගත හැකිවීම.
·       ෆේස්බුක් පරිශීලනය නොකරන අයට පවා කෙටි පණිවුඩ (SMS) යැවිය හැකි වීම. (මේ සහා ඔවුන් Messenger භාවිතා කළයුතුවේ.)
·       වේගයෙන් අඩු උපාංගවල පවා කිසිදු හිරවීමකින් තොරව ක්‍රියාකිරීම.
·       අතුරුමුහුණත Apple i OS 7 ට සමාන වේ.

මෙහි Screenshots පහත දැක්වේ.

Screenshots from Phandroid.com


Saturday, October 12, 2013

Google සෙවුම් ඉගි 8ක්

 

1.නිර්ව‍චන ලබාගැනීම


define:නිර්වචනය ලබාගැනීමට අවශ්‍ය වචනය

උදා: define mail


2.Google කැල්කියුලේටරයක් ලෙස භාවිත කිරීම


පළමු ක්‍රමය : ඔබට ප්‍රතිදානය ලබාගැනීමට අවශ්‍ය ගණිත ගැටලුව ටයිප් කර සෙවීම සිදුකිරීම.
උදා: 2+2 ලෙස ටයිප් කර සෙවීම සිදුකිරීම

දෙවන ක්‍රමය : "Calculator" ලෙස සෙවීම සිදුකිරීම

 

3.යම් කිසි ප්‍රසිද්ධ දෙයක වැඩි විස්තර සොයාගැනීම


අවශ්‍ය පුද්ගලයාගේ නම, සමාගමේ නම හෝ අවශ්‍ය දෙයෙහි නම මුළින් සදහන් කර
ඉන්පසු ලබාගැනීමට අවශ්‍ය කරැණ (උපන්දිනය නම් Birthday ලෙස) ටයිප් කර
සෙවීම සිදුකිරීම

උදා:  Mark Zuckerberg Birthday

4.ඒකක පරිවර්ථනය


පළමු ක්‍රමය : උදාහරණයක් වශයෙන් ඔබට අවශ්‍ය විනිමය අනුපාත පරිවර්ථනයට නම්
Currency Converter ලෙස ටයිප් කර සෙවීම සිදූකිරීම.

දෙවන ක්‍රමය : ඔබට අවශ්‍ය ඩොලර් රැපියල් වලට පරිවර්ථනයට නම් Dollar to
Rupee
ලෙස ටයිප් කර සෙවීම සිදුකිරීම.





5.එක් වෙබ් අඩවියකට සීමාවී සෙවීම් සිදුකිරීම


පහත කේතය මේ සදහා උපයෝගී කර ගන්න

site:වෙබ් අඩවියේ ලිපිනය සහ අවශ්‍ය වචනය

උදා: site facebook.com harshana

6.වෙනත් රටවල වේලාව බලාගැනීම


time in සමග අවශ්‍ය ‍රටේ නම සදහන් කර සෙවීම සිදුකිරීම

උදා: time in Sri Lanka



7.වාක්‍ය කණ්ඩයක් සෙවීම


අවශ්‍ය වාක්‍ය කණ්ඩය පෙරළිකොමා තුළ ලියා සෙවීම සිදු කිරීම

උදා:"Sunday is Funday"



8.කාලවකවානුවකට අදාළ ලිපි සෙවීම


අවශ්‍ය ලිපියේ මාතෘකාව සමග අවශ්‍ය කාල වකවානුව ටයිප් කර සොයන්න.

උදා:ඔබට අවශ්‍ය වින්ඩෝස් XP වලට අදාළ 2008 සිට 2009 දක්වා ලිපිනම් පහත පරිදි සෙවීම සිදුකළ හැක.

Windows XP 2008..2009



Friday, October 4, 2013

Root පරිශීලකයින් සදහා හොදම Android Apps 8






                      ඔබේ Android දුරකථනයේ සියලුම පහසුකම් අත්විදීමට නම් එය Root කර තිබීම එසේත් නැත්නම් සුපිරි පරිශීලක පහසුකම් (Super User Permission) ලබාගෙන තිබීම අත්‍යවශ්‍යවේ.  අද මම කතාකරන්නට යන්නේ මෙසේ Root කරගත් දුරකථනයකට Install කළ යුතු යෙදවුම් අතරින් හොදම යෙදවුම් 8 පිළිබදවයි.


මෙම ඇප් එක මගින් ඔබේ දුරකථනය සතු ඇප්ස් ඔබේ දුරකථනයේ බාහිර මතකයට එසේත් නැත්නම් මෙමරි කාඩ් එකට යැවීමට ඉඩ සලසාදෙයි. මෙහිදී ඇප්ස් සහ ගේම්ස් විශාල ප්‍රමාණයක් බාහිර මතකයට යැවූ පසු හොදින් ක්‍රියාත්මක වන නමුත් Widgets වැනි දෑ සමහරක් අවස්ථාවල ක්‍රියාත්මක නොවීමට පුළුවන.


            මෙම ඇප් එක මගින් ඔබේ දුරකථනයට ගැලපෙන ROM බාගත කරගැනීමට හා ස්ථාපනය කරගැනීමට ඉඩ ලබාදෙයි.


            මෙමගින් ඔබේ දුරකථනයේ තිරයේ දිස්වෙන දෑ රෑපගත කරගැනීමට (Screen Capture) අවස්ථාව ලබාදෙයි.


4. Tasker
            මෙම ඇප් එක මගින් ඔබේ දුරකථනයේ යම්කිසි වේලාවකදී සිදුවිය යුතු කාර්යයන් විධාන වශයෙන් ලබාදීමට ඉඩ පහසුකම් ලබදෙයි. (උදා: ඔබට උදෑසන 8 සිට 10 තෙක් ගීත ඇසීමට අවශ්‍යනම් එය මෙම ඇප් එක හරහා විධාන ලබාදී ස්වයංක්‍රීයව සිදුවීමට අවස්ථාව සැලසියහැක.)


            මෙමගින් ඔබේ දුරකථනයේ ඇතී SMS පණිවුඩ XML ආකාරයෙන් Backup කිරීමට සහ නැවත ලබාගැනීමට අවස්ථාව ලබාදෙයි.


            මෙමගින් ඔබේ දුරකථනයේ කර්නලය යාවත්කාලීන කිරීමට අවස්ථාව සපයයි.


            මෙමගින් දුරකථ‍නයේ ඇති සුපිරි පරිශීලක පහසුකම අවශ්‍ය ඇප්ස් වලට එම පහසුකම ලබාදෙයි.


            මෙම ‍ඇප් එක මගින් දුරකථනය සතු සියලුම දෑ Backup කිරීමට අවස්ථාව ලබාදෙයි.

Copyright © 2013 Tech සටහන් & H 4 S H.